ඊයේ (25) දහවල් කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම, දෙවන නවගම්පුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරු වයස අවුරුදු 17ක නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වාර්තා වන ආකාරයට පෙර පැවති අමනාපයක් හේතුවෙන් සැකකාර පුද්ගලයා ත්‍රී රෝද රථයකින් පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. .
මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
