ජපානයෙන් මිලියන 170 ක ආධාරයක්.

උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපාන රජය විසින් ස්කැවිතා මානුෂීය ආධාර සහ සහන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 170 ක ආධාර මුදලක් ප්‍රදානය කර තිබෙන බව වාර්තා වේ .

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ආරම්භයේ සිට ජපානය අඛණ්ඩව සහය දක්වා ඇති අතර ඒ සඳහා මේ වන විට ජපානය විසින් ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 43 කට අධික බව සඳහන් .

වාර්තා වන ආකාරයට එම මුදල් උපයෝගී කර ගනිමින් 2016 වර්ෂයේ සිට පසුගිය ජුලි මාසය දක්වා පුද්ගලනාශක බෝම්බ 11,471 ක් සහ යුධනාශක බිම් බෝම්බ 161ක් ඉවත් කර තිබේ.

Exit mobile version