18 ට අඩු පරිශීලකයන්ට tik tok යෙදවුමේ සීමාවක්.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ වයස අවුරුදු 14 – 24 ත් දක්වා වන අය බොහෝ ලෙස tik tok යෙදවුමට ඇබ්බැහි වී ඇතිබව පර්‍යේෂකයින් අනාවරණය කර තිබෙන බව වාර්තා කරයි.

18 ට අඩු පරිශීලකයින් දෛනිකව විශාල කාලයක් tik tok යෙදවුමට ඇබ්බැහි වීම සීමා කිරීම උදෙසා ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන පරිදි එම යෙදවුම පැයකට සීමා කිරීමට tik tok සමාගම තීරණය කළ බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට මෙම කාලය ඉක්මවා යන අවස්ථාවලදී මිනිත්තු 30 ක අමතර නැඹුරුම් කාලයක් බල ගැන්වීමට භාරකරුවෙකුට මුර කේතයක් හදුන්වා දීමටද ඔවුන් තීරණය කළ බව සදහන් කරයි.

Exit mobile version