18 – 19 වයස් කාණ්ඩයේ ළමුන් සඳහා එන්නත් ඉගෙනුම ලබන පාසලේදීම

The doctor is injecting male patients.In the medical's hand have syringes.

21 වන බ්‍රහස්පතින්දා දින සිට වයස අවුරුදු 18 – 19 කාණ්ඩයේ පාසල් ළමුන් සඳහා එන්නත් ලබා දීම ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ළමුන් ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබා ගැනීමට අවස්ථාව සලසන බවයි ජනාධිපතිවරයා විසින් ,සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කරමින් පවසා ඇත්තේ.

එමෙන් ම සෑම පාසලකදීම සිදුකෙරෙණු ලබන එන්නත්කරණ වැඩසටහන් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු අතර එම වයස් කාණ්ඩයේ ම පාසල හැරගිය ළමුන් සඳහා එන්නත් ලබා දීම එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කෙරෙණ බවද එහිදී සඳහන් කර ඇත.

අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවට විඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් ජනපතිවරයා මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version