19 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගිය 55 හැවිරිදි පුද්ගලයෙකුට පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ .
යාපනය, චුන්නාකම් ප්‍රදේශයේදී ඊයේ (07) දහවල් කාලයේදී පුද්ගලයෙකු ගසක බැඳ පහරදීමක් සිදුකරන බවට චුන්නාගම් පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී ඇති අතර පොලීසිය එම ස්ථානගොස් ගසක බැඳ පහරදී සිටි පුද්ගලයා ඉන් මුදවාගෙන තෙලිප්පලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ .
මරණකරු චුන්නාකම් ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 19ක තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, එයට උරණවූ තරුණියගේ පාර්ශවයේ පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන් .
එම පිරිස විසින් තරුණියටද පහරදී ඇති අතර, ඇයද තෙලිප්පලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ .
පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 55 හැවිරිදි ආරමුගන් වීදිය, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පහරදීම සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 23, 24, 38, 46, හා 48 වයස්වල පසුවන චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු චුන්නාකම් පොලීසිය විසින් සිදු කරනු ලබයි .
