19 හැවිරිදි පෙම්වතුන් දියේ ගිලි අතුරුදහන්.

ඊයේ (07) දින  අත්තනගලු ඔයේ ශාඛාවක් වන, දී ඇල් ඔයේ තරුණ පෙම්වතුන් දෙදෙනකු  දිය නෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තාවේ.

ඔහුන් දෙදෙනා  විවාහ වීමට සුදානමින් සිට ඇති යුවළක් බව සදහන්වේ.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ දී ඇල් ඔයේ වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයෙන් බව පොලීසිය සදහන් කර තිබේ.

දියේ ගිලී අතුරුදහන්ව  ඇත්තේ, 19 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිතරුණයකු හා  කුඩා ඔය, ලබුතැන්න ප්‍රදේශයේ තරුණියක් බවයි පැවසෙන්නේ.

අතුරුදහන් වූවන සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කොට ඇති බව පොලිසිය සදහන් කර තිබේ..

Exit mobile version