1912දී  ආරම්භ කෙරූ සුරාබදු පනත 2023 දී සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දැනට ශ්‍රි ලංකාවේ  පවතින  මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාරයන් හා  නියාමනය,  ඒ සදහා  බලපත්‍ර නිකුත් කිරීම හා බදු පැනවීම වෙනුවෙන්  දැනට භාවිත කෙරෙන ආඥා පනත 1912 දී ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කර ඇති බව සදහන්වේ.

එය සංශෝධනයට කිරීමට තීරණය කර ඇත්තේ නීතීන් වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමට බවයි සදහන් වන්නේ.

මේ සම්භන්ධව  යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති  අතර ඒ අනුව එම  කාරනාව සඳහා නීති පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.

Exit mobile version