පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන රන් පැහැති බුදු පිළිමයක් රුපියල්13,000,000 මුදලකට අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු පූනෑව පරණ හල්මිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
සැකකරුවන් දෙදෙනා සමඟ ඔවුන් විකිණීමට උත්සාහ කළ රන් පැහැති බුදු පිළිමයද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන් .
පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලතිව් කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සහ පූනෑව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී සැකකරුවන් දෙදෙනා බුදුපිළිමය සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන අයෙක් සහ වව්නියාව පාවක්කුලම් ප්‍රදේශයේ පදිංචි අයෙකි.
