අද (26) සිට සෑම සිකුරාදාවකම ඩෙංගු මර්දනය සදහා සෑම රාජ්‍ය ආයතනයක්ම පැය 2ක කාලයක් වෙන් කිරීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙන බවට වාර්තා වේ.
ඒ සදහා අවශ්‍ය උපදෙස් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති අතර ඒ සදහා වන චක්‍රලේඛයක් ද නිකුත් කිරීමට පියවර ගන්නා බවට අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බව සදහන්.
