සයිබර් ප්‍රහාරයක් සිදුකර ප්‍රධාන පෙළේ බැංකුවකින් අමෙරිකානු ඩොලර් මිලියන 2.104ක මුදලක් සොරකම් කළ බව කියන සිද්ධියකට අදාළ නඩුව වැඩිදුර වාර්තා සහ රස පරීක්ෂක වාර්තා සමග ලබන දෙසැම්බර් මස 13 වනදා කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති තෙවන සැකකරු වන ලලින්ද්‍ර ද සිල්වා ට විදේශගතවීමට අවසර ලබාදෙන ලෙස නීතිඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ශලීල මුණසිංහ, ජනක චමින්ද නම්මුණිගේ, චූලපාල ලලින්ද්‍ර සිල්වා සහ බන්දුල වීරවර්ධන යන සැකකරුවන් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව නීතිපති උපදෙස් සඳහා යොමුකර තිබේ.