දුම්මලසූරිය මරක්කරමුල්ල අතුරු මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගය දෙසට අධික වේගයෙන් ධාවන කරමින් තිබු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව ලිස්සා ගොස් වෑන් රථයක ගැටී ඇති අතර එම දෙසින්ම පැමිණි තවත් යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා ගිය යතුරුපැදියේ සහ වෑන් රථයේ ගැටී සිදුවු අනතුරකින් 17 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
අනතුර හේතුවන් යතුරුපැදි දෙකේ ගමන් ගත් සිවු දෙනා බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කොට තිබේ.
එහිදී 17 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් වේ.
