නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කළ පර්යේෂණවලින් අනතුරුව මේ දෙළුම් ප්‍රභේද හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
නව දෙළුම් ප්‍රභේද තුළින් වසර 30කට ආසන්න කාලයක් අස්වනු නෙලාගැනීමට හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.














































