චීනයට සුළි කුණාටු 2ක්.

පැයට කිලෝ මීටර් 200 ක වේගයෙන් හමායන සෝලා සුළි කුණාටුව චීනයේ ගුවැන්ඩොන් පළාතට කඩා වැදී ඇති අතර ඉන් ෂෙන්සෙන් , මැකාවු පළාත්වලට සහ හොංකොං නගරයට දැඩි සුළං තත්ත්වයක් සහ ජල ගැලීම් සිදුව ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සුළි කුණාටු අවධානම හේතුවෙන් හොංකොං හි දුම්රිය සහ ගුවන් ගමන් අවලංගු කර ඇති අතර නව වසරේ පාසල් ආරම්භ කිරීම ද කල් දමා තිබේ.

මෙම සෝලා සුළි කුණාටුව 1949 වර්ෂයෙන් පසු චීනයේ දකුණු ප්‍රදේශයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව බව සඳහන්.

එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ පැයට කිලෝ මීටර් 160 ක වේගයෙන් හමායන හයිකුයි සුළි කුණාටුව හෙට (03) වනවිට චීනයේ ෂෙජියැන් පළාතට කඩා වැදීමට නියමිතව ඇති බවයි.

Exit mobile version