සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ වයස අවුරුදු 20ට වැඩි විවිධ රෝගාබාධයන්ගෙන් පීඩා විඳින සංකූලතා සහිත පුද්ගලයින් සඳහා මෙම තෙවන කොවිඩ් මර්දන එන්නත ලබා දීමටයි.
ඒ අනුව එම එන්නත්කරණ වැඩ සටහන ද හෙ (20) සිට ආරම්භ වීමට නියමිතව ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම තෙවන එන්නත් මාත්‍රාව ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට, නිදන්ගත වකුගඩු රෝගීන්ට, ඇට මිදුළු බද්ද කිරීම්වලට ලක්වූ පුද්ගලයින්ට ,පිළිකා රෝගීන්ට හෝ අනෙකුත් විවීද රෝගාබාධයන් හේතුවෙන් පීඩා විදින පුද්ගලයින් සඳහා ලබා දීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම රෝහල් සහ සායන ඔස්සේ මෙම එන්නත් මාත්‍රාව සිදුකළ යුතු බවත් දෙවැනි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබා මාසයක් සම්පූර්ණ වූ පුද්ගලයින් සඳහා මෙම එන්නත ලබා දීය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.