මන්නාරමේ සිට මුහුදු මාර්ගය හරහා බෝට්ටුවක ආධාරයෙන් රුපියල් කෝටි 20ක් පමණ වටිනා රත්තරන් බිස්කට් කි.ග්‍රෑ. 14.8. ක් ප්‍රවාහනය කළ දෙදෙනකු ඉන්දියාවේ රාමනාදන්පුරම් රේගු නිලධාරීන් විසින් රාමනාදන්පුරම් , ගීසල්කරෙයි අසල කලිමන්කුන්ඩු වෙරළ තීරයේ දී පසුගිය 31 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මන්නාරමේ සිට මෙම රන් බිස්කට් තොගය ඉන්දියාව දක්වා ප්‍රවාහනය කළ ධීවර බෝට්ටුවේ කාර්මිකයා ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනාගෙන් එක් අයකු මන්නාරමේ පදිංචිකරුවකු වන අතර අනෙක් තැනැත්තා තමිල්නාඩුවේ පදිංචිකරුවෙකි.
අදාළ රන් බිස්කට් තොගය වෙරළට ළඟා වීමෙන් පසු ඒවා රැගෙන යෑමට බව සැක කරන යතුරුපැදියක් වෙරළාසන්නයට පැමිණ බෝට්ටුවේ තිබූ රන් බිස්කට් අත්අඩංගුවට පත් වූ බව සැලවීමත් සමඟ පලා ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ බෝට්ටු කාර්මිකයා රාමනාදන්පුරම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.















































