ගුවන් ප්‍රහාරයකින් 20 ක් ජීවිතක්ෂයට.

සුඩානයේ කාර්ටුම් අගනුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව , තවත් පිරිසක් තුවාල ලබා , තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට හමුදාව විසින් කැරළිකරුවන් ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

සුඩාන හමුදා සහ පැරාමිලිටරි කැරලි බළකාය අතර පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 1100 කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය  වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව දළ වශයෙන් මිලියන 2.2ක ජනතාවක් සුඩානය තුළ අවතැන් වී ඇති අතර මිලියන භාගයකට වැඩි පිරිසක් අසල්වැසි රටවල රැඳි සිටී.

Exit mobile version