කහ උණ එන්නත් 2000 ක් මේ සතියේ .

කහ උණ සඳහා භාවිතා කරන එන්නත් 2000 ක් මේ සතියේ ලැබීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහු සඳහන් කරන්නේ මෙම එන්නත් මිලදී ගෙන ඇත්තේ යුනිසෙෆ් සංවිධානය මාර්ගයෙන් බවත් , කහ උණ එන්නත් 6000 ක් පමණ මෙරටට අවශ්‍යව තිබෙන බවත් ය.

Exit mobile version