රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් 20,000ක් මරුට.

පසුගිය මාස 5 තුළ යුක්‍රේන රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් රුසියානු සොල්දාදුවන් 20,000කට අධික පිරිසක් මිය ගොස් ඇති බවත්  ලක්ෂයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයේ බක්මූත් නගරය ආශ්‍රිත යුධ ගැටුම් වලින් මෙම පිරිස මිය ගොස් ඇති බවත් , මිය ගිය සොල්දාදුවන්ගෙන් බහුතරයක් වැග්නර් පෞද්ගලික කුලී හමුදා භටයින් බවත් , යුද්ධයෙන් යුක්‍රේන හමුදා සහ වැසියන්ගේ ජීවිත හානි සම්බන්ධයෙන් ඇස්තමේන්තු ලබා නොදෙනා බවත් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමෙරික්කව සඳහන් කළ කිසිඳු දත්තයක් රුසියාව මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

Exit mobile version