2022 විවාහක රූ රැජින දිවයිනට.

විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීම සඳහා 2022 වර්ෂයේ ලෝක විවාහක රූ රැජින වූ ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි බව වාර්තා වේ.

ඇය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක , තරගාවලි කළමණාකරු නිමේෂ් බස්නායක ඇතුළු වැඩසටහනේ විශාල සාමාජිකයින් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව සඳහන්.

2023 විවාකහ රූ රැජින තරගාවලියේ අවසාන මහා තරගය මෙම මස 13 වැනි දින සවස 06.00 ට කොළඹ නෙළුම් කුළුණ රගහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර මෙයට ශ්‍රී ලාංකික විවාහක කාන්තාවෝ 23 දෙනෙක් සහභාගී වීමට නියමිතව තිබේ.

Exit mobile version