” තණකොළයා ” අත්අඩංගුවට.

නිවාස සහ ආයතන වල තණකොළ කැපීමට ගොස් ඒ මුවාවෙන් රාත්‍රී කාලයේ සහ දහවල් කාලයේ එම ස්ථාන වලට ඇතුල් වී ලක්ෂ 25 ක පමණ භාණ්ඩ තොගයක් සොරා ගෙන ඇති අතර මෙම සැකකරු රත්මලාන ආර්ථිකය අසලදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව හෙරෝයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 50 ක් තිබූ බව කියයි

සැකකරු රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් වන අතර මොහු ” තණකොළයා ” යන අන්වර්ත නාමයෙන් හදුන්වන බව වාර්තා වේ.

Exit mobile version