2023 අගෝස්තු මස 18 දින සඳහා කාලගුණ අනාවැකිය

2023 අගෝස්තු මස 18 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

Exit mobile version