2023 ඔක්තෝම්බර් මස 09 දින සඳහා කාලගුණ අනාවැකිය

නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතී.

නැගෙනහිර,ඌව,මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමකතද වැසිද ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version