2023  දෙසැම්බර්  මස 01  දින සඳහා කාලගුණ අනාවැකිය

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තුවේ.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ.

නැගෙනහිර පළාතේත් පොලොන්නරුව සහ මුලතිවු  දිස්ත්‍රික්කවලත්  ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.

දකුණු පළාතේ උදේ කාලයේදීද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version