2023 නොවැම්බර් මස 22  දින සඳහා කාලගුණ අනාවැකිය

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් අද දිනයේදී අපේක්ෂා කෙරේ.

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු මැද  සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version