මෙම වසර මුලදී ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඩොලරය හමුවේ තිබුනද මෙම වසර අවසාන වන විට නැවත වරක් රුපියල පහළ යෑම ආරම්භ වනු ඇති බවත් මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යාමට හැකියාව ඇති බවත් ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී ඇති බව වාර්තාවේ.
ඒ අනුව ඩොලර් එකකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 390 ක් තරම් අගයක් මෙම වසරේ අවසානය වන විට ගනු ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය පුරෝකථනය කර තිබේ.
