නිතිවිරෝධී ලෙස ආනයනය කරන ලද , 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 9.7ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබූ , දුම්වැටි කූරු මිලියන 203ක් රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සරත් නෝනිස් , විෂයභාර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසකගේ නිරීක්ෂණය යටතේ අද (15) පෙරවරුවේ මුතුරාජවෙල පිහිටි අපද්‍රව්‍ය බලශක්ති තාප බලාගාරයේ දී විනාශ කිරීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා රේගුව සහ දුම්කොළ සමාගම විසින් මෙරට ඉතිහාසයේ සොයාගත් විශාලතම නීතිවිරෝධී දුම්වැටි තොගය මෙය බව සඳහන් වේ.