2030 වන විට ශ්‍රී ලංකාවේ හමුදා ශක්තිය ලක්ෂයක් දක්වා අඩු කිරීමට කටයුතු කිරිමට සැලසුම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේධනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේධනය පහතින් දැක්වෙන අතර මෙම තීරණය අනාගතයේ තවත් අර්බුධ ගනණාවක් නිර්මාණය කරයි. එසේම ආණ්ඩුවෙන් ආණ්ඩුවට තීරණ වෙනස් කරන රටේ මේවාද වෙනස් වනු ඇත. අඩු කල යුත්තේ මෙරට හමුදා ශක්තිය නොවේ. මහින්ද රාජපක්‍ෂ යුගයේ වසා දැමුණු සහ විනාශ කරන ලද දේශීය කර්මාන්ත නැවත සකසා රාජ්‍ය සේවය අඩු කිරීම කල යුතුව තිබියදී රටේ ආරක්ෂාව බිංදුවට දමන තීරණ නොගත යුතුය.
“ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ශක්තිය සහ තිරසාර ආර්ථික සංවර්ධනය යනු කාසියක පැති දෙකක් මෙන් එකිනෙක හා බැඳී පවතී. සන්නද්ධ හමුදාවන්ගේ වියදම් රජය විසින් දරන අතර ඵය ජාතික සහ මානව ආරක්‍ෂාව සහතික කරමින් ආර්ථික වර්ධනය සඳහා මාර්ග විවෘත කරයි.
වත්මන් තත්වය පිළිබඳ සැලකිලිමත් වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වන විට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති අතර 2030 වන විට ඵම සංඛ්‍යාව 100,000 දක්වා ප්‍රමාණයක පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ උපායමාර්ගික සැලැස්මෙහි සමස්ත අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවලට සමගාමීව ඕනෑම ආරක්‍ෂක අභියෝගයකට මුහුණ දීම සඳහා 2030 වසර වන විට උපායමාර්ගික සහ තාක්‍ෂණිකව සුදුසුකම් ලත් සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීමය.”.. ලෙස එහි සදහන් වේ.
