IMF විස්තීරණ ණය පිළිබඳ 20 වනදා එකගතා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල පිළිබඳව ඇති කරගත් එකගතා පිළිබඳව සාකච්ඡා කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව 20 වනදා රැස්වීමට නියමිත බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අද(18) උදෑසන රුවන්වැල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ එදිනම රාත්‍රියේ ඒ පිළිබඳ නිල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම එකගතාවයන් පිළිබඳව වෙබ් අඩවියේ පළ කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.

Exit mobile version