ඉතාලියේ, වැනීස් නුවර සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ගුවන් පාලමක් මතින් ගමන් කරමින් තිබූ බස් රථය ඉන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ ගින්නක් ද හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්‍රේන ජාතිකයින් 05 දෙනෙකු සහ ජර්මානු ජාතිකයෙකු අනතුරින් මියගිය පිරිස අතර වන බව ද විදෙස් මාධ්‍ය පවසයි.
අනතුරින් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
