21 දෙනෙකුට දිවි අහිමි කල බෝට්ටු අනතුර.

සංචාරකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් 21 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

ඒ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ දී බවයි සදහන් වන්නේ.

මෙම අනතුරට හේතුව වී ඇත්තේ එම බෝට්ටුවේ ගමන් කළ හැකි ප්‍රමාණය මෙන් දෙගුණයක් ප්‍රවාහනය කර ඇති නිසාවෙන් බව එරට පොලිසිය සදහන් කර තිබේ.

මෙම අනතුරට පත් බෝට්ටුවේ ගමන් කිරීමට හැකියාව ඇත්තේ මගීන් 25 දෙනක් වුවත් බෝට්ටුව අනතුරට පත්වන අවස්ථාවේ දී එහි මගීන්  50දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වේ.

Exit mobile version