ලාංකිකයෝ 21 ක් ඊශ්‍රායලයේ සේවයට.

ඊශ්‍රායලයේ නිවාස වල සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදු කළ බව වාර්තා වේ .

මෙම පිරිස අතරේ කාන්තාවන් 18 දෙනෙක් සහ පිරිමි තිදෙනෙක් සිටින අතර ඔවුන් ලබන 27 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

Exit mobile version