සෞඛ්‍ය අංශ විසින් සඳහන් කොට ඇත්තේ මෙම වසරේ ගතවූ කාලය තුල ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 22 කු මිය ගොස් ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රිකය ඇතුලත සතියකට ඩෙංගු රෝගීන් 400 ක් පමණ හා කළුතර දිස්ත්‍රික්කයෙන් සතියකට ඩෙංගු රෝගීන් 100 පමණ වාර්තාවන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කොට තිබේ.
ඒ අනුව ලංකාව පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 370 අතර සියයට 17 ක් පමණ ඩෙංගු අධි අවධානම් කලාප ලෙස හදුනාගෙන ඇති බව වාර්තාවේ.
අවට පරිසරය තුල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දමා තම අවට පරිසරය පිරිසිදුව තබා ගෙන මෙම තත්ත්වය වලක්වා ගැනීමට මහජනතාව උනන්දුවිය යුතුව තිබේ.
