මාරවිල දිසා අධිකරණයේ සේප්පුවේ ලක්ෂ 22 ක් අතුරුදන්.

මාරවිල දිසා අධිකරණයේ සේප්පුවේ තිබූ රුපියල් ලක්ෂ 22 කට වඩා වැඩි මුදලක් අතුරුදන්ව අති බව වාර්තා වේ.

මෙසේ අධිකරණ සේප්පුවේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 22,07,000ක මුදලක් අස්ථාන ගත වූ බව කියමින් එම අධිකරණයේම රෙජිස්ටාර්වරියක් වන ශාරිකා මානෙල් වික්‍රමනායක විසින් පසුගිය මාර්තු 20 වන දා මාරවිල පොලීසිට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව පොලීසිය විසින් මෙම සිද්ධියට අදාලව විමර්ශන කටයුතු සිඳු කළ අතර අධිකරණයේ සේවය කරන කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම ද කටයුතු කළ බව සඳහන්.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල දිසා අධිකරණයේ සේවය කරන ලිපිකරුවෙකු සහ ලිපිකාරිනියක් ඊයේ (27) දින මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මාරවිල පොලීසිය විසින් සිඳු කරන බව සඳහන්.

Exit mobile version