වෙඩි ප්‍රහාරයකින් හමුදා සෙබළන් 23ක් ජීවිතක්ෂයට .

සිරියාවේ හමුදා සොල්දාදුවන් රැගත් බස් රථයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව , පිරිසක් තුවාල ලබා , තවත් හමුදා සාමාජිකයින් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ මෙම ප්‍රහාරය IS සාමාජිකයින් විසින් එල්ලකර ඇති බවත්, නැගෙනහිර සිරියාවේ මාර්ගයකදී සැඟවී සිට බස් රථයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවත් ය.

එමෙන්ම IS සාමාජිකයින් විසින් මෙම වසරේ මෙතෙක් සිදුකළ බිහිසුණුම ප්‍රහාරය මෙය බවත් සඳහන් වේ .

Exit mobile version