අකුරැස්ස නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දී භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ කිරීමේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 23 ක් සමඟ සැකකරුවෙක් අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
ඔහු සන්තකයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 3ක් සොයා ගෙන ඇති අතර එම පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ එම මුදල් නෝට්ටු සැකකරු වෙත ලබා දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස වෙනත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ව්‍යාජ නෝට්ටු දුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව තවත් ව්‍යාජ මුදල් නෝට්ටු ඇත්නම් රැගෙන එන ලෙස සැකකරු ලවා දුරකථන ඇමතුමකින් දන්වා තිබේ.
ඒ අනුව තවත් සැකකරුවන් දෙදෙනෙකු ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් රැගෙන යතුරුපැදියකින් පැමිණ තිබේ. එම අවස්ථාවේ දී එම සැකකරුවන් දෙදෙනා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අකුරැස්ස මාරම සහ අහංගම පොලිස් වසමේ පදිංචි අවුරුදු 25 , 33 වයස් වල පසුවන්නන් වන අතර මොවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
