ඉන්දීය හමුදා භටයින් 23 ක් අතුරුදන්.

ඉන්දියාවේ සික්ම් ප්‍රාන්තයේ දී ඉන්දීය හමුදා භටයින් 23 දෙනෙක් අතුරුදන්ව ඇති බව එරට හමුදා ආරංචි මාර්ග වාර්තා කර තිබේ .

එම ප්‍රාන්තයට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා සාමාන්‍ය වැසියන් 5 දෙනෙක් මියගොස් ඇති අතර ඉන්දීය හමුදා කඳවුරු කිහිපයක් මෙන්ම හමුදා වාහන කිහිපයක්ද ජලයට යටවී ඇති බව සඳහන් .

බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඒ හේතුවෙන් එම හමුදා භටයින් අතුරුදන්වී ඇති බවත් , අතුරුදන් භටයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ය.

Exit mobile version