විහාරස්ථානයක ලක්ෂ 23ක් සොරකම් කරලා.

පයාගල ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේ විසින් ඉදිරියේ දී යෙදෙන පිරිවෙන් දිනයට සමගාමීව උන්වහන්සේ යටතේ මහණදම් පුරන නිවාස අහිමි සාමණේර භික්ෂූන් වහන්සේලාගේ මව්පියන් සිව් දෙනෙකු සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සම්මාදන් කර තිබූ රුපියල් ලක්ෂ 23 කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් ඊයේ (27) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.

පසුගියදා (26) රාත්‍රියේ නායක ස්වාමීන් වහන්සේ විසින් දේවාලයේ ආගමික වතාවත් සිඳු කරන අතරතුර මෙම සොරකම සිඳුව ඇති බවත් , දේවාලයේ ආගමික වතාවත් සිඳුකරන අතරතුරේ දී ආවාසගෙයි යතුර බංකුවක් මත තිබී ඇති බවත් පොලීසිය සදහන් කළ බව වාර්තා වේ.

Exit mobile version