ලාංකිකයින් 23 දෙනෙකු වියට්නාමයේ සිට දිවයිනට.

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ දැරීමේදී අනතුරට පත් වී වියට්නාමයේ රඳවාගෙන සිටි ලාංකිකයින් 23 දෙනෙකු දිවයිනට එවා ඇති අතර එම පිරිස අතරේ කාන්තාවන් 6 දෙනෙකු , අවුරුදු 19 ත් 50 ත් අතර වයස්වල පසුවන පිරිමි පුදගලයන් 15 දෙනෙකු සහ අවුරුදු 18 වඩා අඩු ළමුන් දෙදෙනෙකු සිට ඇති බව වාර්තා වේ.

මෙම පිරිස කිලිනොච්චිය , යාපනය , ත්‍රිකුණාමලය , වවුනියාව සහ මඩකපුව යන ප්‍රදේශවල පදිංචි දමිළ ජාතිකයින් පිරිසක් වන අතර මොවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරීන් විසින් සිඳු කරන බව සඳහන්.

Exit mobile version