විදෙස් මුදල් ඩොලර් මිලියන 2300ක් මෙරටට.

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන් වසරේ මුල් මාස පහ තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් ප්‍රේෂණ ලෙස එවා ඇති අතර මැයි මාසයේදී පමණක් එය ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් බව වාර්තා වේ.

ජනවාරි මාසයේදී විදේශ ගත ශ්‍රමිකයන් ඇ. ඩො. මිලියන 437.5 ක්, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407.4 ක්, මාර්තු මාසයේදී ඇ. ඩොලර් මිලියන 868.3 ක් සහ අප්‍රේල් මාසයේදී ඇ. ඩොලර් මිලියන 454 ක ප්‍රමාණයක් මෙරටට ඒවා ඇති අතර එම සමස්තය ඇ.ඩො.මිලියන 2300 පසුකර යන බවද සඳහන් වේ.

Exit mobile version