මේ වර්ෂයේ ඩෙංගු මරණ 24ක්.

මේ වර්ෂයේ ගත වූ මාස කිහිපය තුළ මෙරට ඩෙංගු මරණ 24ක් වාර්තා වී  තිබෙන බව සඳහන්.

එමෙන්ම මෙම වර්ෂයේ මැයි 28 වන දා දක්වා මෙරට ඩෙංගු රෝගීන් 38,000ක් ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ ප්‍රකාශ කර තිබේ.

තවද ඊලඟ මෝසම් කාලයට රට මුහුණ දෙන්නේ ඩෙංගු රෝගීන් 38,000ක් සහිතව බවත් , එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඇය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version