තොග නොමැති වීම හේතුවෙන් ලබන 25 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි බව ලිට්‍රෝ සමාගම පවසයි.
ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයීම ලිට්‍රෝ සමගාම නවතා දමනු ලැබුවේ, පසුගිය 12 වැනිදා සිටයි.
එහි නිලධාරියෙකු පැවසුවේ, ලබන 25 වැනිදා හා 26 වැනිදා ගෑස් මෙට්‍රික් ටොන් 3600 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට සේන්දු වීමට නියමිත බවයි.
ඉන් අනතුරුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් යළි නිකුත් කිරීමට හැකි වෙතැයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.
කෙසේ වෙතත් කර්මාන්ත ශාලා,රෝහල් ,ආදාහනාගාර වැනි අත්‍යශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩ සිදු කරන බව ද ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ය.
