මොහු ගැන තොරතුරක් ලබා දුනහොත් ලක්ෂ 25ක්.

නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායාමට සහාය වූ බවට සැකකෙරෙන පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

සැප්තැම්බර් මස 09 වනදා සිට මුනියපාලගේ රවිඳු සංදීප ගුණසේකර නමැති සැකකාර පොලිස් කොස්තාපල්වරයා පළාගොස් සැඟවී සිටී.

සැකකරු පිළිබඳව තොරතුරක් වේ නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී – 071 8591960

ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති අංශ (1) – 0718596150

Exit mobile version