වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ සිසු දරු දැරියන් 27දෙනෙකු අස්වී ගොස් තිබෙන බව වාර්තා වේ.
එම විදුහලේ විදුහල්පති බී.ඩී.අයි.කේ. කරුණාරත්න පැවසුවේ රටක් වශයෙන් එය අහිතකර තත්ත්වයක් බවයි.
විදුහල්පතිවරයා මේ බව පැවසුවේ වසර 21 ක කාලයක් ශාන්ත මරියා විදුහල වෙනුවෙන් ක්‍රීඩා කටයුතුවල යෙදුණු ආදි සිසුන් ගේ සුහද හමුවේදී අදහස් දක්වමිනි.
වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැර විදේශ පදිංචියට යාම නිසා පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ දරුවන් 27 දෙනෙකු මෙලෙස එම පාසලෙන් අස්වී ගොස් ඇති බව සදහන්.
