මූල්‍ය අරමුදලෙන් පාකිස්ථානයට ඩොලර් බිලියන 3ක්.

පාකිස්ථානය සදහා ඩොලර් බිලියන 3ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කර ඇති බව වාර්තා වේ.

එහි පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1.2ක් ලබාදෙන අතර ඉතිරි කොටස ඉදිරි මාස 9 ඇතුළත ලබාදෙන බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මෙම ණය මුදලත් සමග පාකිස්ථානයේ විදේශ සංචිත ප්‍රමාණය මේ මස අවසන් වන විට ඩොලර් බිලියන 15ක් දක්වා ඉහළ යනු ඇති.

Exit mobile version