දැවැන්ත කොහොඹ ගසකට මෝටර් රථ 3 ක් යට වෙයි.

ජා-ඇල සාන්ත වික්ෂෝප මාතා දේවස්ථානයේ ඉරුදින දේව මෙහෙය පැවැත්වෙන අතරතුර මෙම
භූමියේ තිබූ දැවැන්ත කොහොඹ ගසක් කඩා වැටීමෙන් එම ස්ථානයේ නතර කර තිබූ මෝටර් රථ 3කට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ .

පොලිසිය පැවසුවේ අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් එම ගසා කඩා වැටී ඇති බවයි.

අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර ප්‍රදේශවාසීන් හා ජාඇල පොලීසිය එක්වී ගස ඉවත් කිරීමට කටයුතු කළ බව සදහන් .

Exit mobile version