ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමකින් තොරව ගොඩනැගිල්ලක් මිල දී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 3 ක පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්‍යාලය වාර්තා කරයි.
2013 වර්ෂයේ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්‍යාලය පවත්වාගෙන යාම සඳහා එහි අරමුදලින් රුපියල් කෝටි 19 කට අධික මුදලක් වියදම් කරමින් රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් මිල දී ගෙන ඇති නමුත් එම ගොඩනැගිල්ල සඳහා රජයේ තක්සේරු වටිනාකම කෝටි 16 ක් බව සඳහන් වේ.
මේ හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 3 ක් වන අතර මෙම මූල්‍ය වංචාව සිදු වී වසර ගණනාවක් ගත වුවද ඊට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව වාර්තා වේ.