සා.පෙළ විභාග වංචා 3ක්.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී මධ්‍යස්ථාන තුනකදී වංචා සිද්ධීන් තුනක් වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත්  ජයසුන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අපේක්ෂිකාවක් සිය ජංගම දුරකථනයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ගුරුවරයකුට යවා වට්ස්ඇප් මාර්ගයෙන් පිළිතුරු ලබාගත් බවට අනාවරණය වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

තවද හේනේගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී  අපේක්ෂකයන් දෙදෙනෙකු ජංගම දුරකථන භාවිතයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබා ගැනීමට යාමේදී නිරීක්ෂකවරයෙකු සිද්ධිය අනාවරණය කරගෙන ඇති බව සදහන්.

එසේම සීදුව ද්විස්මර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපේක්ෂකයන් පස් දෙනෙකු සමාජ මාධ්‍ය භාවිතයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමේ පුවතක්ද අනාවරණය වී තිබේ.

Exit mobile version