මාළු ගබඩාවක විෂ දුමින් සේවකයින් 30 ක් රෝහලේ.

දන්කොටුව හාල්දඬුවන ප්‍රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක ඊයේ (21) සවස 4.00 ට පමණ හදිසියේ ඇති වූ   කිසියම් විෂ දුමාරයක් හේතුවෙන් රෝගාතුර වූ සේවකයන් 30 දෙනෙකු පමණ වෙන්නප්පුව සහ ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මොවුන්ගෙන් පිරිසක් ඊයේ (21)  රාත්‍රිය වන විට රෝහලෙන් පිටව ගොස් ඇති අතර අදාළ විෂ දුමාරය හටගෙන ඇත්තේ මාළු තොග ගබඩා කර ඇති අධි ශීතකරණ ආශ්‍රයෙන්  බවට සැක පල කරයි.

Exit mobile version