මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 300ක් ඉදිරියේදී සේවයට බඳවා ගන්නා බවත් , මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික ඒකක 1000ක් සඳහා ප්‍රමාණවත් මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන බවත් , ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළ බව වාර්තා වේ.
මහජන සෞඛ්‍ය හෙද නිලධාරිණියන්ගේ සේවය ඇගයීම උදෙසා කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවති උත්සවයකදී මේ බව සඳහන් කර ඇති අතර මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධ වූ බව සඳහන් වේ.
