හෙදියන් 3000ක් බඳවා ගැනේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා හෙද හෙදියන් 3000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ගැටලු මතුවුවහොත් ඒ සඳහා කැබිනට් යෝජනාවක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව සඳහන් .

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශයට අනුයුක්ත නිලධාරීන් සමඟ ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

Exit mobile version